අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ නිරික්‍ෂණ චාරිකාවකට අද (13) පෙරවරුවේ එක්විය.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර ආරක්ෂාව සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් පිරිසක් සහභාගී විය.