UPDATE - 05.20 ඉරානයේ බාලිකා පාසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යක් වන IRNA පුවත් සේවය වාර්තා කර තිබේ.
-----------------------------------
UPDATE - 05.15 ඉරානයට ගුවනින් සහ මුහුදින් පුළුල් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව අමෙරිකා එක්සත් ජනපද නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
-----------------------------------
UPDATE - 05.10 ඉරානයට එරෙහි අනවශ්‍ය ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉශාක් ඩාර් ප්‍රකාශ කර තිබේ.
අර්බුදයට සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු යළි ආරම්භ කළ යුතු බව ඔහු පවසා ඇත.
-----------------------------------
UPDATE - 04.58 මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සියලු ගුවන් සමාගම් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් මැදපෙරදිග වෙත ගමන් ගන්නා සියලු ගුවන් ගමන් මෙලෙස අත්හිටුවා ඇත.
-----------------------------------
UPDATE - 04.56 බාලිකා පාසලක් ඉලක්ක කර එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම පාසලේ සිසුවියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන බලධාරින් පවසයි.
-----------------------------------
UPDATE - 04.51 -ඉරානයෙන් ඊශ්‍රායලය වෙත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ.
එ් අනුව ඉරානය විසින් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම මිසයිල විනාශ කිරීමටද ඊශ්‍රායලය කටයුතු කර ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම ඊශ්‍රායලය පුරා සයිරන් නාද කර ඇති බවත් සඳහන්ය.
-----------------------------------
UPDATE - 04.40 - ඉරාන ජාතික ආරක්ෂිත කවුන්සිලය ටෙහෙරාන් අගනුවර පදිංචිව සිටින පදිචිකරුවන්ට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ.
සන්සුන්ව සහ ආරක්ෂිතව සිටින ලෙස දැනුම්දී ඇති අතර හැකිනම් පවතින තත්ත්වය හමුවේ වෙනත් නගරයකට ගමන් කරන ලෙසත් ආරක්ෂිත කවුන්සිලය දන්වා තිබේ.
-----------------------------------
UPDATE - 04.30 මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ.
-----------------------------------
UPDATE - 04.28 කටාර් අගනුවර සහ වයඹ දිග ඉරානයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.
----------------------------------------
UPDATE - 04.25 ඉරානයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිඩ් අබ්දුල් රහීම්, සහ ජනාධිපති මසූර් පෙසෙස්කියන් ඇතුළු ජ්‍යෙෂඨ ඉරාන පුද්ගලයින් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
----------------------------------------
UPDATE - 04.21 - ඊශ්‍රායලයේ ටෙල්අවිවී ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවය මාර්තු 03 වන දින දක්වා ටෙල්අවිවී සහ බහරේන් වෙත සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මැදපෙරදිග සියලුම ගුවන්ගමන් අත්හිටුවීමට Air India තීරණයක්
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පවත්වා ගැනීමට මෙම පියවර ගත් බවය.
මේ අතර නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය තුළ අත්‍යවශ්‍ය නොවන සහ අනවහ්‍ය ගමන්වලින් වැළකී සිටින ලෙස ඉන්දියාව සිය ජාතිකයින්ට දැනුම් දී තිබේ.
ඉරානයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි
ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපද ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ මේ වන විට එරට අන්තර්ජාල සේවාව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන NetBlocksට අනුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය පූර්ණ වශයෙන් අන්තර්ජාල සේවාව අවහිර කර ඇති බවය.
ඉරානයේ අන්තර්ජාල සේවාව වසා දැමීම මින් පෙරද සිදුවූ අතර ඒ රට පුරා පැතිර ගිය දැවැන්ත විරෝධතා අතරතුරය.