ජනාධිපති ට්‍රම්ප් මහකා මේ බව පැවසුවේ ෆ්ලොරිඩාවේ ඩොරල්
හිදී මාධ්‍ය අමතමිනි. ඔහු පැවසුවේ පෙබරවාරි 28 වැනිදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා
අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ යුද්ධයේදී, මේ වන විට ඉලක්ක 5,000කට ප්‍රහාර
එල්ල කිරීමට ඇමරිකාව හා ඊශ්‍රායල් හමුදා සමත් වූ බවයි.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, සිවිල් ප්‍රදේශ සහ තෙල්
පිරිපහදු මෙන්ම ජල පිරිපහදු මධ්‍යස්ථාන වැනි යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර
දියත් විය. ඒ අතරතුර, ඉරානයේ නව උත්තරීතර නායකයා හිටපු උත්තරීතර නායකයාගේ පුත්‍රයා
වන මොජ්තාබා කමේනි පත්කර තිබේ.
කෙසේනමුත් ඉරානය
දිගින් දිගටම හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට බාධා කළහොත් මීට වඩා විශාල ප්‍රහාරයක්
එල්ල කරන බවටද ට්‍රම්ප් මහකා අනතුරු
ඇඟවීය.
පවතින තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන්
ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ
බොරතෙල් බැරලයක මිල ඩොලර් 119 සීමාවද ඉක්මවා ගියේය.
ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේ ප්‍රහාර හමුවේ, ඉරානයේ මිසයිල ශක්තිය මේ වන විට සියයට 10ක් දක්වා හෝ ඊටත් වඩා අඩු මට්ටමකට ඇද වැටී ඇති බවයි.
uvafm.lk