දකුණු තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ගුවන් කඳවුරක පුහුණු අභ්‍යාසයක් අතරතුර අදාළ ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.