# 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන ගණනාවකින් බිඳී විනාශ වී තිබූ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරය, රුපියල් මිලියන 130.13 ක දැවැන්ත පිරිවැයක් දරමින් ස්ථිර ලෙසම ප්‍රතිසංස්කරණය කිරීම  ආරම්භ විය. ඒ අනුව අද උදෑසන කන්දකැටිය සූරියකැටිය පිටවාන අසලදී  නිල ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සිදු විය.

'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරය, සිදු වූ විනාශයෙන් පසු ඉතා කෙටි කලක් ඇතුළත ගොවි ජනතාවගේ ද සහාය ඇතිව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ අධීක්ෂණය යටතේ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමට හැකි විය. එමනිසා ඉන් පෝෂණය ලබන වගා බිම්වලට මේ දක්වා ජලය සැපයිණි. මෙම වාරි ව්‍යාපෘතියේ ජලයෙන් අක්කර 1700ක් අස්වද්දනු ලබයි.