" ප්‍රජා
ශක්ති වැඩසටහන " යටතේ "ගම් දහසක වැඩ දහසක්" ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියට
සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැඩසටහන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුතුකන්ඩිය දෙවෙනි ගම්මානයේදී ආරම්භ
විය. ඒ වී විජලන යන්ත්‍රයක් සවිකිරීම
සහ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල් තැබීමෙනි. පාර්ලිමේන්තු
මන්ත්‍රී අජිත් ශාන්ත ප්‍රියදර්ශන
සහ මොනරාගල දිස්ත්‍රික්
ලේකම් ඒ.ජී නිශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.
මෙම ව්‍යාපෘතිය
සඳහා රුපියල් ලක්ෂ 120 ක මුදලක් රජය විසින් පිරිවැය දරන අතර ඉතා කෙටි කාලයකින් ඉදිකිරීම සිදුකර ජනතා අයිතියට
පත් කිරීමට අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතියට
අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදි තවත් ව්‍යාපෘති 34ක් ආරම්භ
කිරිම අද දිනයේදී සිදුකෙරිණ. මෙම සියලුම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 716.51 ක
මුදලක් වෙන්කර ඇත.
මෙම අවස්ථාව
සඳහා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා සභාපති
සුසන්ත ප්‍රදීප් කුමාර , දිස්ත්‍රික්
ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක කේ.ජී.එස් කුමාර, දිස්ත්‍රික් ප්‍රධාන ගනකාධිකාරි ජේ.
එම්.සී සිරිවර්ධන, දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු එච්.එම් හේමන්ත පුෂ්පකුමාර, දිස්ත්‍රික්
කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ඩී.ඩබ්.ගුණසේකර මහතා, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් භාව්‍යා
නිකපිටිය මහත්මිය, ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලවල නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සම්බන්ධ විය.