ප්‍රජා ශක්ති
ප්‍රතිලාභින්ගේ ගෙවතු වගා සදහා පොල් පැල
ලබා දිමේ මොණරාගල දිස්ත්‍රික් සමාරම්භක
වැඩසටහන බඩල්කුඹුර ප්‍රදේශිය ලේකම්
කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ වෙළද, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. වැවිලි
සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම
වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහිදී ප්‍රජා ශක්ති ප්‍රතිලාභින් 615 දෙනෙකු සඳහා පොල් පැල 1230 ක් බෙදා දුනි.
වැවිලි කර්මාන්ත
අමාත්‍යංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය ජාතික
ඉලක්කයක් ලෙස 2030 වසර වන විට පොල් ගෙඩි
මිලියන 4200 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.