වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය
අද පෙරවරුවේ යළි ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් එය ආරම්භ විය.
මෝටර් වාහන අංක තහඩු මුදුණය නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන,
මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ පසුගිය මාර්තු මස 10 වැනිදා ගිවිසුම්ගත විය.
මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීම අත්හිටුවා වසරක
කාලයක් ගතවී ඇති බැවින් වර්තමානය වන විට මුද්‍රණය කර නිකුත් කිරීමට වාහන අංක තහඩු
ලක්‍ෂ 4 කට අධික සංඛ්‍යාවක් එකතු වී ඇත. මෙම අංක තහඩුවලට
යතුරුපැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ බස් ඇතුළු වාහන රැසක් ඇතුළත් අතර යතුරුපැදි
අංක තහඩු පමණක් ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ඇති බවත් වාර්තා වේ.