දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන්
ආපදාවට පත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් සඳහා වන්දි සහ
ජීවනෝපාය ආධාර මුදල් ප්‍රදානය කිරීම ඊයේ නිල වශයෙන් සිදු කෙරිණි.
මෙහිදී සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස 4ක් වෙනුවෙන් රජයෙන් හිමිවන රුපියල් ලක්ෂ 50ක උපරිම වන්දි මුදල යටතේ, එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් පිරිනැමීම සිදු විය.
මීට අමතරව,
ආපදා හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ හෝ පීඩාවට පත් වූ ප්‍රදේශයේ පවුල් 78ක්
වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් 25,000
සිට රුපියල් 75,000 දක්වා වූ මූල්‍ය ආධාර චෙක්පත් ද ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
වැලිමඩ ප්‍රාදේශීය
ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම විශේෂ නිල උත්සවය සඳහා වැලිමඩ ප්‍රාදේශීය සභාවේ
සභාපති අජිත් කුමාර මහතා, වැලිමඩ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ
ප්‍රදේශයේ ප්‍රතිලාභී ජනතාව එක්ව සිටියහ.