සබරගමුව පළාත් සභාවේ අකාර්යක්ෂම
ආයතනය වූ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවිත්‍ර කිරීමට කටයුතු කළ බව
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කළාය.
සබරගමු පළාත්
ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළේ ඊයේ රත්නපුර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පත්වීම්
ප්‍රදානයට එක් වෙමිනි.
මෙහිදී සබරගමු
පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එල්. කළුතොට, ආණ්ඩුකාර මහජන
සම්බන්ධතා නිලධාරී පුෂ්ප කුමාර දිසානායක, සාමාන්‍යාධිකාරි (වැ.බ.) තුසිත ජයසේන යන
මහත්වරුද අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට
පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව
සිටියහ.