"ඉසුරු ගෙනෙන යලක්" මැයෙන් අභියෝග හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ජය ගැනීම සඳහා ක්‍රියාත්මක කෘෂිකාර්මික හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් උහන නගරයේදී පැවැත්විණි. දිගාමඩුල්ල  දිස්ත්‍රික්  සංවර්ධන කමිටු සභාපති. ග්‍රාමීය සංවර්ධන. සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය  වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එය  ආරම්භ විය.

අම්පාර දිස්ත්‍රික් අන්තර් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙය වීමෙන් පැවැත් වූ සමාරම්භක උත්සව අවස්ථාවට දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා. ප්‍රියන්ත විජේරත්න මහතා. උහන ප්‍රාදේශීය සභාවේ  සභාපති කේ.ජී.විමලරත්න මහතා. ඇතුළු දේශපාලන  අධිකාරියත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය  තුෂාර වික්‍රමාරච්චි මහතා. අම්පාර දිසාපති  අනූපම  මංගල වික්‍රමාරච්චි මහතා. ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව එක්ව සිටියහ.

නවීන  තාක්ෂණික පහසුකම්  පිළිබඳවත් අලුත් වගා ක්‍රම පිළිබඳවත් අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳවත් අවශ්‍ය දැනුම ලබාදීම සඳහා ප්‍රදර්ශන කුටි සකස් කර තිබෙන අයුරු  දක්නට ලැබුණි