දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන ජාතික වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත
ඊයේ
ආරම්භ වූ , මෙම වැඩසටහන අද , සහ හෙට දෙදිනද පැවැත්වීමට තීරණය කර
ඇත.
දිස්ත්‍රික්ක
14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික
ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාට
අනුව, ඩෙංගු රෝගී තත්ත්වය මෙම වසර පුරා වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2025 වසර සමග සංසන්දනය කිරීමේදී අද වනවිට රෝගින්
10,000ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බව ඒ මහතා පවසයි.
2026
ජනවාරි සිට මේ වනවිට රෝගීන් 35,300 ක් පමණ වාර්තා වී ඇත. එම
රෝගීන්ගෙන් 50% ක් බස්නාහිර පළාතෙන්
වාර්තා වෙයි.
එය
කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17ක්, කළුතර
දිස්ත්‍රික්කයෙන් සියයට 6ක්, නගර සභා සීමාවේ සියයට 5.1 ක් ලෙස වාර්තා වී ඇති බව වෛද්‍ය
කපිල කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ ය.
ඒ
අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ
අවදානමක් පවතින බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු බෝවන
ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඩෙංගු
බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවලට වැඩි අවදානයක් යොමු කරන අතර මදුරුවන් බෝවීමට
සුදුසු පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර
ගන්නා බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.