# ඓතිහාසික මාලිගාවිල පුදබිම සහ ඒ
අවට පොදු පහසුකම් විධිමත් ලෙස සංවර්ධනය
කිරීමේ විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්
වූ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී
පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ
වූ පැරැණි බුද්ධ ප්‍රතිමා අතරින් උසම අනාබද්ධ බුද්ධ ප්‍රතිමා වහන්සේ වන මාලිගාවිල
පිහිටි බුද්ධ ප්‍රතිමාව සහ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව ලෝක ප්‍රකටය. ඒවා වැඳ පුදා ගැනීමට පැමිණෙන දේශීය
මෙන්ම විදේශීය බැතිමතුන්, පර්යේෂකයින්,ඡායාරූප ශිල්පීන් ඇතුළු සංචාරකයින් දහස්
ගණනකි. ඔවුන් සඳහා විධිමත් විවේකාගාර, තොරතුරු මධ්‍යස්ථාන සහ සනීපාරක්ෂක පහසුකම්
සැලසීම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එසේම, මොනරාගල ප්‍රාදේශීය ජනතාවගේ
පාරම්පරික කලා ශිල්ප, දේශීය නිෂ්පාදන සහ සංස්කෘතික අනන්‍යතාවන් ලෝකය හමුවට රැගෙන
යමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය ශක්තිමත් කරන "සංස්කෘතික වෙළෙඳ
සංකීර්ණයක්" සහ විවෘත රංග පීඨයක් ඉදිකිරීමද, මීට ඇතුළත් වේ.
මෙම සාකච්ඡාව සඳහා බුද්ධ ශාසන හා ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, ඌව පළාත් ආණ්ඩුකාර
කපිල ජයසේකර මහතා මොනරාගල දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, ඌව පළාත් සංස්කෘතික අමාත්‍යංශයේ
ලේකම්තුමන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් අමාත්‍යංශ නිලධාරීහු සහ අමාත්‍ය කාර්ය මණ්ඩල
නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.