බදුල්ල දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන ඒකකය සහ ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු සංචාරක ප්‍රවාහන සංස්කෘතික සහ පේෂකර්ම හා කුඩා කර්මාන්ත  අමාත්‍යාංශය එක්ව  සාමාන්‍ය පෙළ සිසු දරු දැරියන් සඳහා උසස් පෙළ විෂයන් තෝරා ගැනීම සහ මාර්ගෝපදේශනය සම්බන්ධව වැඩසටහනක් පවත්වනු ලැබීය.

දියතලාව මහ විද්‍යාලය, ජනානන්ද විද්‍යාලය, ධම්මානන්ද විද්‍යාලය යන  විද්‍යාලයන්හි සිසු දරුවන් 132 දෙනෙකු සඳහා මෙම වැඩසටහන පවත්වන ලදි. 

වෘත්තීය යතුර මනෝමිතික පරීක්ෂණ ක්‍රමවේදය මගින් උසස් පෙළ විෂය ධාරා තෝරාදීම සහ ඉදිරි අනාගත සැලැස්ම සකස් කිරීම සම්බන්ධව. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව දැනුම ලබාදීම    වැඩසටහනේ අරමුණයි.

වැඩසටහන සඳහා සම්පත් දායකත්වය බදුල්ල දිස්ත්‍රික් නිපුණතා සම්බන්ධිකාරක භාග්‍යා හසන්ති ප්‍රනාන්දු හා,  බදුල්ල/මීගහකිවුල/පස්සර/හාලිඇල/හපුතලේ/හල්දුම්මුල්ල/බණ්ඩාරවෙල/වැලිමඩ/ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා නිලධාරින් විසින් ලබා දෙන ලදී.