#  කර්මාන්ත සහ ව්‍යවසායික සංවර්ධන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි මොනරාගල  දිස්ත්‍රික් පළමු ව්‍යාපාරික හමුව  මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

අවුරුදු තුනකට වැඩි කාලයක් ව්‍යාපාරයේ  නිරත වී සිටින, තෝරාගත් ව්‍යවසායකයින් 25 දෙනකු උදෙසා පැවති මෙම වැඩසටහන වර්ෂ 03ක සැලැස්මකින් යුතු ව්‍යාපෘතියක් ලෙස  ආරම්භ කරනු ලබන බව මෙහිදී සඳහන් කෙරුණි.

තෝරාගත් ව්‍යාපාරයන්හි වැඩ කරන කණ්ඩායම උදෙසා සහ ව්‍යවසායකයින් සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශේෂ පුහුණු අවස්ථා ලබා දීමට අපේක්ෂා කෙරේ. එසේම ව්‍යාපාරය පිළිබඳ ඉදිරි දැක්මක් ඇති කර ගැනීම තුළින් ඉදිරියේ දී ඇතිවන ප්‍රශ්න පිළිබඳව ගත යුතු පියවර,ඒ සඳහා කාලසීමා සාකච්ඡා කොට තීරණ ගැනීමටත් පුහුණු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන නිලධාරි එල්.ජී.අරුණ ක්‍රිෂාන්ත මහතා සහ එන්.එන්.සී.හර්ෂණී ඩයස් මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති උපදේශක නිලධාරීන් වන දර්ශන අරංගල්ල මහතා හා හර්ෂණ කුලතුංග මහතා  ලබා දුන්හ.