මෙම ව්යාපෘතිය
සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්රජා ශක්ති සභා සක්රීයව දායක කරගැනීමට නියමිතයි.
නිසි අධීක්ෂණ යාන්ත්රණයක් යටතේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට අවශ්ය සැලසුම් පිළිබඳවද
අවධානය යොමු කර ඇත.
මෙම නව ව්යාපෘතිය
හරහා තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8 ක ඉලක්කයක් කරා ගෙන යාම අපේක්ෂාවයි.
ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම,
කලාපීයකරණය මගින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය සහ ඩිජිටල්කරණය
වැනි ක්රියාමාර්ග ක්රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
එමෙන්ම, තැඹිලි
වගාව පුනරුත්ථාපනය සහ නව වගාවන් දිරිගැන්වීම සඳහා ගොවීන් ආකර්ෂණය කිරීම, වගාවට
අවශ්ය පෝෂක ලබාදීම, ජල සැපයුම් පද්ධති ස්ථාපිත කිරීම, පොහොර සහ අනෙකුත් සහනාධාර
ලබාදීම වැනි කරුණු පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.