රත්නපුර කහවත්ත
ශ්රී ක්රිෂ්ණා දෙමළ මහා විද්යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සබරගමු
පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් සිසු අයිතියට පවරනු
ලැබීය.
මේ සඳහා රජය
වැය කළ මුදල රුපියල් ලක්ෂ 345කි.
මෙම විද්යාලයේ
සිසු දරු දැරියන් 1308ක් අධ්යාපනය හදාරන අතර ගුරු භවතුන් 61 දෙනෙකු සේවය කරති.
එහි පළමු ශ්රේණියේ
සිට 13 වන ශ්රේණිය දක්වා පංති පැවැත්වේ.
මෙම අවස්ථාවට
නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.