රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට නියමිත අතර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් මේ සඳහා රුපියල් ලක්ෂ 800 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙහි අරමුණ මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ දුදරුවන්ගේ සහ තරුණ පරම්පරාවේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නැංවීමයි.
අමාත්‍යාංශයේ
මූල්‍ය ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රීඩාංගණයේ ඉඩ
ප්‍රමාණය පුළුල් කිරීමටත්, ධාවන පථ සකස් කිරීමටත්, ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල
පහසුකම් නවීන මට්ටමට සංවර්ධනය කිරීමටත් නියමිතය. මෙහිදී සකස් කෙරෙන සංවර්ධන
සැලැස්ම පිළිබඳව විදුහල්පතිතුමිය, පාසල් බලධාරීන් සහ ප්‍රජාවගේ අදහස් ද ලබා ගත්
අතර, එම අදහස්වලට අනුව සැලැස්ම කඩිනමින් අවසන් කර වැඩකටයුතු ආරම්භ කිරීමට සාකච්ඡා
විය.
විද්‍යාලයේ
ඉතිහාසය දෙස බැලීමේදී මෙවැනි දැවැන්ත මුදලක් ප්‍රදේශයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය
වෙනුවෙන් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර,
ප්‍රදේශයේ ජනතාව සලකන්නේ මෙය
තමන්ට ලැබුණු
සුවිශේෂී අවස්ථාවක් වශයෙනි. මෙම නව ක්‍රීඩාංගණය ඉදිවීමත් සමඟ රිදීමාලියද්ද සහ අවට
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම වෙසෙන, ක්‍රීඩාවට ලැදි දක්ෂ තරුණ තරුණියන්ට
තමන්ගේ දක්ෂතා ඔප්නංවා ගනිමින් ජාතික මට්ටමට පැමිණීම සඳහා කදිම අත්වැලක් සහ මහඟු
අවස්ථාවක් හිමිවනු ඇත.