ගතවූ පැය විසිහතර තුළ ඩෙංගු රෝගීන් 1069 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 47179 කි. වාර්තා වී ඇති මරණ ගණන 28කි.රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වළක්වා ගැනීම සඳහා ඩෙංගු මදුරුවන් මර්දනයට සහාය වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.