මෙම
වසරේ වාර්තා වූ ඩිඟු රෝගීන්ගෙන් වැඩි පිරිසකට ඩෙංගු වෛරසය දෙවැනි කාණ්ඩය වැළඳී ඇති
බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ප්‍රතිශතයක්
ලෙස එය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට අසූ අටකි.
මේ
වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හැත්තෑ පන්දහස් තුන්සිය
විසි එකකි. ඒ අනුව එය ඩෙංගු වසංගත රෝග තත්ත්වයක් ලෙස හඳුනාගතත හැකිය.
ඩෙංගු
දෙවෙනි කාණ්ඩය සඳහා මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්තිය සාපේක්ෂව අඩුය. දිවයිනෙන් දැනට
වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව පනස් තුනකි. ඉන් තිස් හතක් කාන්තාවන්ය.
රෝගීන් වැළකීම සඳහා ගත හැකි හොඳම පියවර මදුරුවන් බෝවන ස්ථාන පවිත්‍ර කිරීමයි. පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් මර්දනය
කිරීමට සහාය වන මෙන් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.