මෙරට අධිකරණ පද්ධතියේ සේවයෙන් යුතු විනිසුරුවරු විශ්‍රාම ගැන්වෙන වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව මහාධිකරණ අභියාචන ආදී කරන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස දීර්ඝ කිරීමට නියමිතය. පිළිවෙළින් අවුරුදු 63ක් සහ 65 ක් වන විනිසුරු විශ්‍රාම වයස් සීමාව මේ යටතේ වසර දෙක බැගින් දීර්ඝ කිරීමට නියමිතය. රජය පවසන්නේ දැනට ආරම්භ කොට ඇති දූෂණයට එරෙහි නඩු විභාග ක්‍රමවත් ව හා නිසි ආකාරයෙන් අවසන් කිරීම සඳහා මෙම තීන්දුව ගනු ලබන බවයි. කෙසේ වුවද අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ හා නීතික්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් පාර්ශව මෙන්ම පුරවැසි සංවිධාන සමහරක්ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කොට ඇත. පාර්ලිමේන්තුවේ විපක්ෂයද විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කොට ඇත.